Wednesday, September 28, 2011

Adjectives



Adjectives (නාමවිශේෂණ)  


නාමවිශේෂණයක් කියල කියන්නේ නාම පදයක් විශේෂ කරන්න, ලස්සන කරන්න, වඩාත් හොඳින් වෙන්කර හඳුනා ගැනීම සඳහා යොදන පදයකි. මෙවැනි පදයක් යෙදීමෙන් සාමාන්‍ය නාම පදයකින් ලැබෙන විස්තරයට වඩා වැඩිපුර එනම් අමතර විස්තරයක් අපට ලැබේ. 


"ගස" යනු නාම පදයකි. 
අපට වැඩි විස්තරයක් ලබාදීම සඳහා තවත් පදයක් මෙයට එකතු කරමු. එනම් "අඹ" යන පදය නාම පදයේ මුලට එකතු කරමු. එවිට අපට "අඹ ගස" ලෙස වැඩි විස්තර අඩංගු පදයක් ලැබේ. එනම් මෙහිදී "ගස" යන නාම පදය "අඹ" යන නාමවිශේෂණ පදයකින් විශේෂ කර ඇත. 
නාම විශේෂණ පදයක් සාමාන්‍යෙන් යෙදෙන්නේ නාම පදයක මුලටය.

අඹ ගස (mango tree)


මෙම අඹගස කියන පදයට තවත් නාමවිශේෂණයක් පදයක් වන "උස" යන පදය ඇතුලත් කරමු. එවිට "උස අඹ ගස" යන නාමවිශේෂණ පද දෙකක් සහිත පදය ලැබේ.
යම් පදයක් නාම පදයක් ද නැත්නම් නාමවිශේෂණ පදයක්ද කියලා හඳුනා ගන්නේ එමපදය යෙදෙන ආකාරය අනුවයි. 


tall mango tree


මුලදී "අඹ" යන පදය නමවිශේෂණයකි. දැන් අපි "දිග අඹ" යන පදය සලකා බලමු. මෙහිදී "අඹ" යන පදය නාමපදයයි. "දිග" යන පදය නාමවිශේෂණ පදයයි. එනම් 'අඹ' යන පදයට අමතර විස්තරයක් ලබාදෙමින් යෙදී ඇති පදය වන්නේ "දිග" යන පදයයි.  

මා නාමවිශේෂණ පද රතු පාටින්ද නාමපද කොල පාටින් ද දක්වනම්. 



  • කළු ලෑල්ල                    black boad
  • මාතර රාහුල විද්‍යාලය     Matara Rahula College
  • අපේ රට                        our country
  • කළු උස මිනිහා              black tall man
  • රෝස මල                      rose flower   






    0 comments:

    Post a Comment

     
    Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes