Wednesday, September 28, 2011

Nouns

Nouns  (නාමපද)

 නාමපදයක් යනු යම් දෙයක්, කෙනෙක්, ස්ථානයක්, ගුණාංගයක්, ස්වරූපයක්, හඳුනා ගැනීම සඳහා යොදන පදයකි. එනම් පවතින දෙයකට යොදන වචනයකි. නාමපද ඉගනීමේ පහසුව තකා ප්‍රධාන කොටස් කිහිපයකට බෙදනු ලැබේ. ඒවායින් කිහිපයක් පහතින් දැක්වේ.

  •  Proper nouns   
 proper noun එකක් කියල කියන්නේ විශේෂිත කෙනෙක් හෝ ස්ථානයක් හඳුන්වන පදයකි. මෙවැනි  නාම පදයක් අපගේ කනට ඇහුන ගමන්ම අපට එම විෂසහිත කෙනා හෝ ස්ථානය සිහිපත් වේ. 
  • නලින් ප්‍රසන්න               Nalin Prasanna
  • අනෝමා ජයවර්ධන        Anoma Jayawardhane
  • හම්බන්තොට                  Hambantota
  • ඇමරිකාව                       America
  • මහවැලි ගඟ                    Mahaweli river
  • පිදුරුතලාගල                  Piduruthalagala mountain
  •  මාතර රාහුල විද්‍යාලය    Matara Rahula College 

මතක තබාගන්න ඕනෑම සංඥා නාම පදයක් ලියන විට එය ඉංග්‍රීසි කැපිටල් අකුරින් පටන් ගන්න ඕන. නැත්නම් එක වැරද්දක්. කැපිටල් අකුරකින් පටන් ගන්න නිසා අපට මෙම නාම පද හොඳින් හඳුනා ගන්න පුළුවන්.


  • Common nouns  
පොදු නාමපද ලෙස හඳුන්වයි. අපි මුලින්ම ඉගෙන ගත්තේ විශේෂිත කෙනෙක්, දෙයක්, හෝ ස්ථානයක් හැඳින්වීමටනේ. මෙතනදී නම් සලකන්නේ සැමෝටම එකම හැන්දෙන් බෙදීම ලෙස. ඒ කියන්නේ වැඩි දෙනෙකුට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් පදයන්ය. එනම් පහත දෑ බලන්න.

  •  පිරිමි ළමයා           boy
  •  ගැහැණු ළමයා       girl
  •  නගරය                  town
  •  රට                        country
  •  ගඟ                       river
  •  කන්ද                    mountain
  •  පාසල                   school



  •  
  •  
  • Collective nouns
  • Abstract nouns
  • Material nouns
  • Demonstrative nouns
  • Pronouns
  • Verbal nouns
 

0 comments:

Post a Comment

 
Design by Wordpress Theme | Bloggerized by Free Blogger Templates | coupon codes